Tuesday 28 September 2021

                                                       ඔසු ගුණ පිරි බුත්සරන


පෝෂණ සහ ඔසු ගුණ සපිරි බුත්සරණ








අප ජීවත් වන මේ පොලෝ තලයේ දක්නට ලැබෙන විවිධ ශාක අතුරින් ආහාරමය වටිනාකමකින් යුතු ශාක ඇති අතර ඖෂධීයමය වටිනාකමකින් යුක්ත වන ශාකද ඇත. එසේම ආහාර සහ ඖෂධීය යන දෙයාකාරයකින් අපට ප්‍රයෝජන ගෙන දේ. එනම් නිරෝගීකම ආරක්ෂා කර ගැනීමටත් රෝගී අවස්ථාවේදී එම රෝග සුවපත් කිරීම සඳහාත්ය. මෙහිදී රෝග සුවපත් කිරීමට වඩා රෝග සෑදීම වැළැක්වීම සඳහා ඖෂධීය ශාක භාවිත කිරීම වඩාත් වැදගත් වේ.

ඖෂධීය ශාකයක් තවදුරටත් විමසා බැලීමේ දී ධාන්‍ය වර්ග, පළාවර්ග පලතුරු වර්ග, අල වර්ග ආදී ප්‍රභේද රාශියක් දක්නට ලැබේ. ඒ අතුරින් එක් වැදගත් පෝෂණීය කාණ්ඩයක් වන අල වර්ග ගැන සලකා බැලීමේ දී ඇත. අතීතයේ සිට ලාංකීය ජනතාව අතර ප්‍රචලිතව තිබූ දේශීය අල වර්ග කිහිපයක්ම වෙයි. එනම් හුලංකීරිය, බුත්සරණ, වැල් අල, උඩල ජාවාල, රාජාල, හිඟුරල, කිරිකොඩොල්, කුකුලල, බතල, වැනි අල වර්ග රාශියකි.

මේ අතුරින් පෝෂණ ගුණයෙන් සහ ඖෂධීය ගුණයෙන් පිරිපුන් ප්‍රධානතම දේශීය අල වර්ගයක් ලෙස බුත්සරණ හැඳීන්විය හැකිය.

සීනි අල, සීනි කෙහෙල් යනුවෙන්ද හඳුන්වනු ලබන මෙම වර්ගයේ කොළ සහ මල් කැනාස් ගස් වලට සමාන නිසා ලංකා කැනාස් යනුවෙන්ද හඳුන්වනු ලබයි. එසේම දේශීය බෙහෙත් වට්ටෝරු වල මෙම ශාකය හඳුන්වනු ලබන්නේ බුත්සරණ නමින් ය.

ගම්බද ජනතාව ඉහා හොඳීන් හඳුනන ශාකයක් වන මෙය ජනප්‍රිය ආහාරයක් ලෙස ගැමියන් අතර ප්‍රචලිතව තිබෙන අතර ආර්ථික වශයෙන්ද වාසි ගෙන දෙයි. එසේම ඖෂධීය වශයෙන්ද අතීතයින් වැදගත් බව පැහැදිලි කරුණකි. මෙවන් අගනා වටිනා ශාකයක් පිළිබඳව නිවැරදි අවබෝධය සියලු දෙනාම ලබා තිබීම ඉතා වැදගත් වේ.

උපුටා ගැනීමකි.

මුල් අයිතිය :-ගොකරැල්ල, පොල්ගොල්ල, ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය

                   මධුර පරණවිතාන


No comments:

Post a Comment

                                        පණු කරද(කෲඩියා සෙලනිකා) ශාකයේ නම කෘෘඩියා සෙලනිකා Crudia Zeylanica නොහොත් පණු කරද විද්‍යාත්මක නාමය කෘ...