Monday, 27 September 2021

                                 ශ්‍රී ලංකාවට ආවේනික සත්ත්ව විශේශ



1.තෙත් කලාපීය හබන් කුකුලා



පහත රට තෙත් කලාපීය ‍වනාන්තර වල හා කඳූකරයේ මීටර් 1800 දක්වා ඉහළටත් වියළි කලාපීය වනාන්තර වලත් වාසය කරයි. අතිශය වනවාසී,තුළෑටි,භූමිවාසී පක්‍ෂියෙකි. විවිධ බීජ වර්ග, බිම වැටුණු පළතුරු, වේයන් සහ වෙනත් කෘමීන් ආහාරයට ගනී. ආහාර සොයමින් ප්‍රබල ලෙස වනයේ බිම පහුරුගායි. හබන් කුකුළා ප්‍රමාණයෙන් අඩක් වැඩුණු ගම් කුකුළෙකු තරම්ය. නොවැම්බර්-මාර්තු සහ ජුලි-සැප්තැම්බර් කාලවලදී අභිජනනය කරන හබන් කුකුළාගේ කැදැල්ල ගලක් හෝ පඳුරක් යට බිම සූරා සාදා ගනු ලබන මඳ අවපතනයකි. මෙය තුළ සාමාන්‍යයෙන් බිත්ත්ර දෙකක් හෝ තුනක් දමයි.




1.වතරතු මල්කොහා


පහතරට කඳුකරයේත් වනාන්තරවලත් වාසය කරන දුලභ පක්‍ෂියෙක් වන 
වත රතු මල් කොහා වර්තමානයේ ශ්‍රී ලංකාවට පමණක් ආවේනික පක්‍ෂියෙක් ලෙස සැලකේ. මෙම පක්‍ෂියා දකුණු ඉංදියාවේ වාර්ථාවී ඇති නමුත් දැන් එහි නෂ්ටව ගොස් ඇත. දිගින් සාමාන්‍ය ඇටි කුකුළෙකු තරම් වේ. නමුත් ශරීරය වඩා සිහින්ය. පෙඳය වඩා දිගුය. මොහුගේ රතු පැහැති මුහුණ මත සියුම් කෙඳි වැනි පිහාටු දක්නට ලැබේ. හොටය ලා කොළ පැහැතිය. උදරය සුදු පැහැවන අතර ලය කළු පැහැතිය. තනිව,ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් වාසය කරන මල් කොහා තුරු වියනෙහි වෙසෙන ක්‍රියාශීලී පක්‍ෂියෙකි. එහෙත් පියාපත් කෙටි හා රවුම් ඒවා වන නිසා මොහු දුර්වල පියාසරකරුවෙකි. සාමාන්‍යයෙන් නිහඬ පක්‍ෂියෙකි. කැලෑ ගස්වල හටගන්නා කුඩා ඵල වර්ග මොහුගේ ආහාරය වේ. වසරේ මුල් භාගයේ අභිජනනය කරන වත රතු මල් කොහාගේ කැදැල්ල වනාන්තරයේ උස් පඳුරක තනා ඇති නොගැඔුරු පීරිස් හැඩ එකකි. තණ කොළ මුල් සහ අතු කැබලි වලින් මෙය තනනු ලැබේ.



2.දඩු ලේනා 

දඩුලේනා ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වයා වේ. සාමාන්‍යයෙන් වැඩුණු දඩුලේනකුගේ ශරීර ප්‍රමාණය සෙ.සෙ.මි.25-ත් 45ත් අතර වෙයි .ගැහැනු හා පිරිමි සතුන් අතර ගැහැනු සතුන් පිරිමි සතුන්ට වඩා තරමක් ප්‍රමාණයයෙන් විශාල ය. ඉංග්‍රීසි බසින් Sri Lanka giant Squirrel හදුන්වනු ලබනු අතර දමිළ බසින් பெரிய அனில் නමින්. හදුන්වනු ලබයි.ඝන ලෝම තට්ටුවකින් වැසුණු සම සීත කාලයේදී ඔහුට කාලගුණයට ඔරොත්තු දීමට උදවු වෙයි.ගස් නැගීමට සහ ගසින් ගසට පැනීමට ශූරයෙකු වූ දඩුලේනාට මේ සදහා උදවු වන ප්‍රධානතම දෙය වන්නේ උගේ දිගු ,ශක්තිමත් වලිගයයි

වනාන්තර වල,තෙත් කලාපීය ප්‍රදේශවල ,වයඹ පළාතේ මොවුන් වැඩි වශයෙන් ජීවත් වෙයි. මීට අමතරව දකුණු ඉන්දියාවේ ද සුළු වශයෙන් දක්නට ලැබෙයි .

මෙම සත්ත්වයා දැනට වද වී යාමේ තර්ජනයට ලක්ව ඇත.හිතක් පපුවක් නැති දඩයක්කරුවන්ගේ හා දරුණු විලෝපිකයන්ගේ ගොදුරු බවට ද මේ අහිංසක සත්ත්වයා ගොදුරු වෙමින් ඇත.එමෙන්ම මෙම සත්ත්වයා පොල් වගාවට ද තර්ජනයක් වී ඇත.එනමුත්. ඉතා අහිංසක මේ සත්ත්වයා සුරැකීමට ක්‍රියා කිරීම අපි සැමගේම මහගු යුතුකමක් වේ .අපි ඒ සදහා හදවතින්ම එකතුවෙමු.🤝

2021.09.28 වන දින රනුල සස්මිත ගුණසේකර විසින් තැබූ සටහනක්

No comments:

Post a Comment

                                        පණු කරද(කෲඩියා සෙලනිකා) ශාකයේ නම කෘෘඩියා සෙලනිකා Crudia Zeylanica නොහොත් පණු කරද විද්‍යාත්මක නාමය කෘ...