Wednesday, 29 September 2021

                                       පණු කරද(කෲඩියා සෙලනිකා)






ශාකයේ නම

කෘෘඩියා සෙලනිකා Crudia Zeylanica නොහොත් පණු කරද

විද්‍යාත්මක නාමය

කෘෘඩියා සෙලනිකා Crudia Zeylanica නොහොත්

රට

තෙත් කලාපයේ වැවෙන ගසෙහි නිජබිම ශ්‍රී ලංකාවයි.

සොයාගත් වර්ෂය

2012

ශ්‍රී ලංකාවේ අවසන් වරට සටහන්ව ඇති වර්ෂය

කෘෘඩියා සෙලනිකා Crudia Zeylanica නොහොත් පණු කරද ගස තෙත් කලාපයේ වැවෙන ගසෙහි නිජබිම ශ්‍රී ලංකාවයි. මෙම ශාකය ශ්‍රී ලංකාවෙන් මෙන්ම ලෝකයෙන්ම වදවී ඇති ශාකයක් වශයෙන් හදුන්වා දී ඇත.එය ශ්‍රී ලංකාවේ ප්‍රථමයෙන් සොයා ගෙන ඇත්තේ 1868 දී බැව් සදහන් වේ.1911 කාලය වෙන විට දිවයිනේ එක් එක් ප්‍රෙද්ශයන් වෙත්න් මෙහි නියැදියන් සොයාගෙන ඇත.එහෙත් 1998 වර්ෂයෙන් පසු කිසිම ශාකයක් දිවයිනේ නොමැත.

ජාතික රතු ලයිස්තු ගත කල වර්ෂය

2002 වර්ෂයේදී ලොකයෙන් වද වී යන ශාකයන් ගේ නාම ලේඛනය වන ජාතික රතු දත්ත පොතට ඇතුලත්ව ඇත.

ලෝක රතු ලයිස්තු ගතකල වර්ෂය =

2006 වර්ෂයේදී ලෝක රතු දත්ත පොතට ඇතුලත්ව ඇත.රතු දත්ත පොත යනුවෙන් හැදින් වෙන්නේ ලෝකයේ වද විමේ තර්ජනයට මුහුණ දෙමින් ලෝකයෙන් වදවී ගොස් ඇති සත්ව,ශාක සහ කෘමින්ගේ නාම ලේඛනයයි්

සොයාගත් අය

මෙම ශාකය වර්තමානයේ සොයාගෙන ඇතතේ සිවිල් ඉන්ජිනේරු මහතෙක් වන පරිසර හිතකාමී හිමේෂ් දිල්රුවන් මහතා විසිනි.. ඒ මහතා සිවිල් ඉන්ජිනේරු මහතෙක් වුවත් පරිසරයට සතා සිව්පාවුන්ට හිතකාමීයෙක් වු බැවින් සමනලුන් පිළිබද ඝවේෂණයක් නිරත වෙමින් සිටින විට සමනලුන් විශේෂයෙන් ලැගුම් ගන්නා සහ රැදී සිටින ස්ථානයන් පිළිබද නිරීක්ෂණය කමින් සිටින අවශ්ථාවකදී මෙම ශාකය පිළිබදවද අධ්‍ය්‍යනය කර ඇත්තේ සමනලුන් මෙම ශාකයේ නිතම ගැවසෙමින් සිටින බැවිනි..

වැදගත්කම

ලොකයේ දත්ත විශේෂ ඇතුලත් වර්ල්ඩ් ප්ලෝරා ඔන්ලයින් හීද මෙම ශාකය පිලිබදව සදහන්ව ඇත්තේ වදවී ගිය ශාඛයක් ලෙසින්ය. 2006 වර්ෂයේදී ලෝකයෙන් වද වී ගොස් ඇති ශාකයක් වශයෙන් නම් කරන ලද මෙම ශාකය වර්තමානයෙදී නැවතත් කරලියට පැමිණ ඇත්තේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මිහිරිගම දක්වා කොටසේ ගම්පහ දිස්ත්‍රික්කයේ දාරලුව දුම්රිය ස්ථානය අසල තිබී සොයා ගැනීමෙන් අනතුරුවයි.එහෙත් මෙම වටිනා දුර්ලභ ශාකය විනාශව යාමේ තර්ංනයකට මුහුණදී අත්තේද මෙම අධිවේගී මාර්ගය ඒ හරහා වැටී ඇති බැවින්ය.

විස්තර

එය පවතින ස්ථානයෙන් ගලවා මුතුරාජවෙල ප්‍රෙද්ශයට ගෙන ගොස් සිටුවීමට සැලසුම් කර ඇති බැවින් එම ස්ථානයට ගිය ගම්පහ දිසා වන සංක්ෂණ අධ්‍යක්ෂිකා දේවානි ජයතිලක මහත්මිය විසින් එම කටයුතු තාවකාලිකව නතර කර දමමින් මාධ්‍ය හරහා මෙම විනාශය පිලිබදව රටට හෙලි කරන ලදී.ඒ අනුව ප්‍රෙද්ශයේ මෙන්ම රටේත් ලෝක ජනතාවත් මේ පිළීබදව අවධානයක් යොමු කරන ලදී.එහෙත් ඒ පිළීබදව පාර්ලිමේන්තුවේ මෙන්ම අනෙකුත් යම් රාජ්‍ය ආයතනයන් තුලදී ඇය විසින් ඉටුකරන ලද මෙම වැදගත් වූ ක්‍රියාව විවේචනය කරන පිරිසක්ද දක්නට ලදී.. 1993 වනසත්ව සහ වෘක්ෂලතා ආරක්ෂාව (සංශෝධන) පනතේ 42 වන වගන්තිය යටතේ වන වගන්තියේ සදහන් පරිදි එවැනි ශිකයන් විනාශ කිරීම හෝ හානි කිරීම දඩුවම් ලිබිය හැකි වරදක් වනු ඇත යන්න සදහන්ය..

2021.09.29 දින Wikipedia වෙබ් අඩවියෙන් උපුටාගන්නා ලදී.(රනුල සස්මිත ගුණසේකර)

ඇමෙරිකාව,එංගලන්තය,ඉන්දියාව,හෝ චීනයේ මෙවන් ලෝක උරුකම් කියනා ශාකයක් හමුවූයේ නම් එම රටවල්හි පාලකයන් මෙන්ම මහජනතාව විසින් එය පණමෙන් සුරකිනු නොඅනු මානය.එහෙත් අවාසනාවකට මෙම ශාකය ශ්‍රී ලංකාවට ආවේණික ශාකයක් බැවින් බහුතර පාලකයන් මෙන්ම බහුතර මහජනතාව මේවා සැලකිල්ලට නොගැනීම කණගාටුදායකය.. කෙසේ වෙතත් රටක සංවර්ධනය අගයකලයුතු කටයුත්තක් වුවත් මෙවැනි වටිනා සම්පත් විනාශ කමින් සිදුකරනා සංවර්ධනයේ පලය කුමක්ද යන්න කල්පනා කිරීම සැමගේ රාජකාරියක් විය යුතු වන්නේ අනාගත පරපුට හිමි වටිනා සම්පත් විදේශිකයන් විසින් රැගෙන යාම පිලිකුලෙන් යුක්තව හෙලා දකින බැවිනි. තවද ඇමෙරිකාව වැනි බටහිර රටවල් මෙන්ම ඉන්දියාව,චීනය වැනි ආසියාතික රටවල් සංව්ධනයේ මුවාවෙන් අනාගත පරපුට හිමි සම්පත් රැගෙනයන බව මහජනතාව මෙන්ම රට පාලනය කනු ලබන පාලකයන්ද තේරුම්ගත යුතුය.රටේ සෑම ස්තානයකම වටිනා සම්පත් ඇති අතර ඒ තුල රන් රිදී.මැණික්,යපස්.රතු තිරිවානා නිධී.පලිගු.ඛණිජ මෙන්ම වන සම්පත්ද බොහෝ ඇත.අධීවේඝී මාර්ගයන් මුවාාවෙන්ද වෙනත් සංවර්ධන කටයුතු හරහාද එන්නේද ඒ ඒ රටවල් විසින් තරග කරමින් මිල ගනන් නියම කරන්නේද මෙම සම්පත් බෙදා ගැනීමට බැව් අවභොධ නොවන තරමට මහජන මනස වසාගෙන ඇති බැවින් එය අනාගත තම තමනගේ දරු පරපුර වෙනුවෙන් ඉටු කරන්නාවූ මහත් ද්‍රෝහී කමක් ලෙසින් මෙයින් පෙන්වා දෙමි.

අනාගතයට

ඔබ මෙම ශාකය හරහා දකින්නේ මෙම මිහිතලයේ තිබෙන පෙනෙන සම්පත්ය.මෙයට කෙටි කලකට පෙර දිවයිනෙන් හමුවූ මිලකල නොහැකි පළීගු මැණීක ඔබට පෙන්වා දුන්නේ මේ පොළව පතුලේ තිබෙන මිලකල නොහැකි මහා සම්පත්ය.ඒවා රැක ගැනීම ආරක්ෂා කිරීම වෙනත් ජාතීන්ට පවරා නොදීමට නම් ඒ පිළීබදව අවධානයෙන් කටයුතු කල යුතුයි. රටේ ජීවත්වෙන්නවූ මහජනතාව විසින් අවභොධ කරගත යුතු සත්‍යයක් ඇත.විශ්වය විසින් විශ්වයට අවනත නොවන්නාවූ,විශෟවයේ නීතියට පටහැනිව ක්‍රීයා කන්නවූ සෑම අයෙකුටම විශ්වයේ ඇති නීතිය අනුව ක්‍රීයාත්මක වන බවය.විශ්වයේ නිති අංක හය වන්දි ගෙවීමේ නීතියයි.එය වන්දි ගෙවීමේ නිතියයි.විශ්වයේ ජීවින්ට මෙන්ම වශ්තුව අවභාවිතය කරන්නවූ සැමට මෙන්ම එම පම්පරා දහයක් දක්වා දඩුවම් උරුම කරදීමට තරම් බලවත් වන්නේය. මෙම ලෝකයෙන් වදවී ගිය පණු කරද ගස පිළිබදව පාසැල් විෂය නිර්දේශයටද ඇතුලත් කරමින් පාසැල් දරැවන්ගේ අධ්‍යාපනයටද ඇතුලත් කර ඇත.

Tuesday, 28 September 2021

                                        රාවණ 1 චන්ද්‍රිකාව ගැන සිංහලෙන්

උපුටා ගැනීමකි.පූර්ණ අයිතිය මුල් අයිතිකරුවන් සතුයි.


Dulani Chamika/Facebook

ඡායාරූප මූලාශ්‍රය,DULANI CHAMIKA/FACEBOOK

"ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වරට" චන්ද්‍රිකාවක් නිර්මාණය කර එය කක්ෂගත කිරීමට ශ්‍රී ලාංකික දියණියක සහ පුතණුවෙක් සූදානමින් සිටිති.

ඒ, දුලානි චාමිකා විතානගේ සහ තරිඳු දයාරත්න යන දෙදෙනාය. ඒ පිළිබඳව තොරතුරු දැන ගැනීම සඳහා බීබීසී සිංහල සේවය, ජපානයේ සිටින ඔවුන් දෙදෙනා සම්බන්ධ කර ගැනීමට සමත් විය.

රාවණා තාක්ෂණය

ශ්‍රී ලංකා අභ්‍යවකාශ ඉන්ජිනේරු ඉතිහාසය අලුතින් ලියන සුවිශේෂී චන්ද්‍රිකාව නම් කර ඇත්තේ, 'රාවණා 1' යනුවෙනි. ඊට රාවණා යන නම තබා ඇත්තේ, කටුබැද්ද ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සනත් පනාවැන්නගේ යෝජනාවක් අනුවය.

"රාවණාගේ ගුවන් තාක්ෂණය පිළිබඳව ලෝකයට කියා පෑමේ අරමුණින් තමයි අපේ චන්ද්‍රිකාවට රාවණා 1 කියලා නම දැම්මේ," අභ්‍යවකාශ ඉන්ජිනේරු දුලානි චාමිකා විතානගේ බීබීසී සිංහල සේවයට පැවසීය.

රාවණා 1

රාවණා 1 (RAAVANA-1) යනු ඝනක චන්ද්‍රිකාවකි (cube satellite). ඝනක චන්ද්‍රිකාවක් යනු විශාල ප්‍රමාණයේ චන්ද්‍රිකාවක් (Classical Satellite) නොවන අතර ප්‍රමාණයෙන් කුඩා චන්ද්‍රිකාවකි. මෙවැනි චන්ද්‍රිකා නිර්මාණය කිරීමට මෙන් ම කක්ෂගත කිරීමට ද වැය වන මුදල සාපේක්ෂව ඉතා අඩු මට්ටමක පවතී.

BIRDS 3 Satellite Project/Facebook

ඡායාරූප මූලාශ්‍රය,BIRDS 3 SATELLITE PROJECT/FACEBOOK

රාවණා 1 චන්ද්‍රිකාව කක්ෂගත කිරීමෙන් අපේක්ෂා කරන මෙහෙයුම් 5ක් ඇත.

  • ශ්‍රී ලංකාවේ සහ ආසන්න කලාපයේ ඡායාරූප ගැනීම.
  • ඉදිරි චන්ද්‍රිකාවලදී භාවිතයට ගැනීමට නියමිත 'ලෝරා මොඩියුල්' (මෙය දත්ත ඩවුන්ලෝඩ් කිරීම සහ චන්ද්‍රිකාව පාලනය කිරීම සඳහා යොදා ගැනීමට නියමිතය) නමැති මෘදුකාංගය අත්හදා බැලීම.
  • චන්ද්‍රිකා සැලසුම් කිරීමේදී දැනට භාවිත වන දෘඩාංග ක්‍රමය වෙනුවට මෘදුකාංග ක්‍රමයක් අත්හදා බැලීම.
  • කක්ෂගත කිරීමෙන් පසු චන්ද්‍රිකාව තමන් වටා කැරකෙන වේගය අඩු කිරීම (active attitude stabilization) පිළිබඳව අත්හදා බැලීම.
  • පෘථිවියේ චුම්භක ශක්තිය පිළිබඳව අධ්‍යයනය කිරීම

චන්ද්‍රිකාව නිර්මාණය කරනුයේ, ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ (Kyushu Institute of Technology) සිටය.

Birds 3

ඡායාරූප මූලාශ්‍රය,BIRDS 3

Birds 3

ඡායාරූප මූලාශ්‍රය,BIRDS 3

BIRDS 3 Satellite Project/Facebook

ඡායාරූප මූලාශ්‍රය,BIRDS 3 SATELLITE PROJECT/FACEBOOK

ඝන සෙන්ටි මීටර් 1000ක විශාලත්වයෙන් යුතු චන්ද්‍රිකාව පෙබරවාරි මාසයේදී ජපාන අභ්‍යවකාශ ගවේෂණ ඒජන්සිය (Japanese Aerospace Exploration Agency - JAXA) වෙත භාර දීමට නියමිතය.

"එතනින් අපේ චන්ද්‍රිකාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට යවනවා. කියුබ් චන්ද්‍රිකා විශාල නොවන නිසා ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ආහාර සහ තවත් උපකරණ යැවීමේදී අපගේ චන්ද්‍රිකාවත් එහෙට යැවීමට සූදානම් කරලා තියෙනවා. චන්ද්‍රිකාව කක්ෂගත කරන්නේ ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටයි." මෙම චන්ද්‍රිකා ව්‍යාපෘතියේ අභ්‍යවකාශ ඉන්ජිනේරුවරයෙකු ලෙස කටයුතු කරන තරිඳු දයාරත්න බීබීසී සිංහල සේවයට පැවසීය.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිට කිලෝමීටර් 400ක් පමණ දුරින් රාවණා 1 කක්ෂගත කිරීමට නියමිතය.

එහි අවම ආයු කාලය අවුරුදු එක හමාරක් වන අතර අවුරුදු 5ක් දක්වා පැවතිය හැකි බවට විශ්වාස කෙරේ.

මේ තොරතුරු ද කියවන්න:

දුලානි චාමිකා විතානගේ

BIRDS 3 Satellite Project/Facebook

ඡායාරූප මූලාශ්‍රය,BIRDS 3 SATELLITE PROJECT/FACEBOOK

තායිලන්තයට ගොස් විද්‍යුත් යාන්ත්‍රික ඉන්ජිනේරු තාක්ෂණය හදාරා ඇති දුලානි චාමිකා විතානගේ, පසුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සේවයට එක්විය. මේ වන විට ඇය රාවණා 1 චන්ද්‍රිකාව නිර්මාණය කිරීමට දායක වන අතරතුර පශ්චාත් උපාධියක් හදාරමින් සිටින්නීය.

"මගේ අනාගත ඉලක්කය තමයි, අභ්‍යවකාශ ඉන්ජිනේරු තාක්ෂණය සම්බන්ධයෙන් ආචාර්ය උපාධියක් ලබා ගන්න එක. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ අභ්‍යවකාශ තාක්ෂණය නගා සිටුවන්න මම කටයුතු කරනවා." දුලානි පැවසීය.

තරිඳු දයාරත්න

BIRDS 3 Satellite Project/Facebook

ඡායාරූප මූලාශ්‍රය,BIRDS 3 SATELLITE PROJECT/FACEBOOK

පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් විදුලි සහ විද්‍යුත් ඉන්ජිනේරු උපාධිය හදාරා ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ පර්යේෂණ ඉන්ජිනේරුවරයෙකු ලෙස සේවය ආරම්භ කළ තරිඳු දයාරත්න මේ වන විට ජපානයේ ක්‍යුෂු තාක්ෂණික අධ්‍යයන ආයතනයේ පශ්චාත් උපාධියක් හදාරමින් සිටී.

"මගේ එක ම අරමුණ තමයි ශ්‍රී ලංකාවේ ඉඳගෙන ශ්‍රී ලංකාවේ ම චන්ද්‍රිකාවක් නිර්මාණය කිරීම. ඒකට අවශ්‍ය දැනුම අපට තියෙනවා. පහසුකම් නම් නැහැ," තරිඳු පැවසීය

                                                       ඔසු ගුණ පිරි බුත්සරන


පෝෂණ සහ ඔසු ගුණ සපිරි බුත්සරණ








අප ජීවත් වන මේ පොලෝ තලයේ දක්නට ලැබෙන විවිධ ශාක අතුරින් ආහාරමය වටිනාකමකින් යුතු ශාක ඇති අතර ඖෂධීයමය වටිනාකමකින් යුක්ත වන ශාකද ඇත. එසේම ආහාර සහ ඖෂධීය යන දෙයාකාරයකින් අපට ප්‍රයෝජන ගෙන දේ. එනම් නිරෝගීකම ආරක්ෂා කර ගැනීමටත් රෝගී අවස්ථාවේදී එම රෝග සුවපත් කිරීම සඳහාත්ය. මෙහිදී රෝග සුවපත් කිරීමට වඩා රෝග සෑදීම වැළැක්වීම සඳහා ඖෂධීය ශාක භාවිත කිරීම වඩාත් වැදගත් වේ.

ඖෂධීය ශාකයක් තවදුරටත් විමසා බැලීමේ දී ධාන්‍ය වර්ග, පළාවර්ග පලතුරු වර්ග, අල වර්ග ආදී ප්‍රභේද රාශියක් දක්නට ලැබේ. ඒ අතුරින් එක් වැදගත් පෝෂණීය කාණ්ඩයක් වන අල වර්ග ගැන සලකා බැලීමේ දී ඇත. අතීතයේ සිට ලාංකීය ජනතාව අතර ප්‍රචලිතව තිබූ දේශීය අල වර්ග කිහිපයක්ම වෙයි. එනම් හුලංකීරිය, බුත්සරණ, වැල් අල, උඩල ජාවාල, රාජාල, හිඟුරල, කිරිකොඩොල්, කුකුලල, බතල, වැනි අල වර්ග රාශියකි.

මේ අතුරින් පෝෂණ ගුණයෙන් සහ ඖෂධීය ගුණයෙන් පිරිපුන් ප්‍රධානතම දේශීය අල වර්ගයක් ලෙස බුත්සරණ හැඳීන්විය හැකිය.

සීනි අල, සීනි කෙහෙල් යනුවෙන්ද හඳුන්වනු ලබන මෙම වර්ගයේ කොළ සහ මල් කැනාස් ගස් වලට සමාන නිසා ලංකා කැනාස් යනුවෙන්ද හඳුන්වනු ලබයි. එසේම දේශීය බෙහෙත් වට්ටෝරු වල මෙම ශාකය හඳුන්වනු ලබන්නේ බුත්සරණ නමින් ය.

ගම්බද ජනතාව ඉහා හොඳීන් හඳුනන ශාකයක් වන මෙය ජනප්‍රිය ආහාරයක් ලෙස ගැමියන් අතර ප්‍රචලිතව තිබෙන අතර ආර්ථික වශයෙන්ද වාසි ගෙන දෙයි. එසේම ඖෂධීය වශයෙන්ද අතීතයින් වැදගත් බව පැහැදිලි කරුණකි. මෙවන් අගනා වටිනා ශාකයක් පිළිබඳව නිවැරදි අවබෝධය සියලු දෙනාම ලබා තිබීම ඉතා වැදගත් වේ.

උපුටා ගැනීමකි.

මුල් අයිතිය :-ගොකරැල්ල, පොල්ගොල්ල, ශාස්ත්‍රාරවින්ද වෛද්‍ය විද්‍යාලයේ කථිකාචාර්ය වෛද්‍ය

                   මධුර පරණවිතාන


                                   ශ්‍රී ලංකාවට ආවේනික කුරුල්ලෝ


   අපේ රටට ආවේණික කුරුල්ලන් 23දෙනා පිලිබඳ සවිස්තර සටහන


ශ්‍රී ලංකාවට ආවේණික කුරුළු වර්ග 23ක් සිටින බව ජාත්‍යන්තර කුරුළු සංරක්ශණ ආයතනය [Bird-life International] පවසයි.  මේ වටිනා කුරුළු සම්පත පිලිබඳව පොත් ගණනාවක් ලියැවී ඇත. එහෙත් සියලු ආවේණික කුරුල්ලන් පිලිබඳ විස්තර සිංහල බසින් ඉදිරිපත් කරන වෙබ් අඩවියක් නොහැකි වීම අඩුපාඩුවක් ලෙස සැළකිය හැකිය. මෙම ලිපිය සම්පාදනය කිරීමේ අරමුණ වූයේ මෙම අඩුව පුරවා සිංහල බසින් අන්තර්ජාලය පරිශීලනය කරන, ලංකාවේ කුරුළු සම්පත පිලිබඳව උනන්දුවක් දක්වන්නන්ට ලංකාවට ආවේණික පක්ෂි වර්ග 23හිම විස්තර සරල සිංහල බසින්  ඉදිරිපත් කරමින්, එය අන්තර්ජාලයේ නැණ ගබඩාවට එක් කිරීමයි.

මෙම ලිපිය සම්පාදනය කිරීමේදී Bird-life International පර්යේෂණ ආයතනයයේ දත්ත ගබඩාව ඉමහත් ලෙස දායක විය. Bird-life International සංරක්ශණ ආයතනය රටවල් 100ක් පුරා ක්‍රියාත්මක වන අතර, එම සෑම රටකම ජාතික කුරුළු සංරක්ශණ හා පර්යේෂණ ආයතන සමග සහයෝගයෙන් ක්‍රියාත්මකවේ. කොළඹ විශ්ව විද්‍යාලයේ, සත්ව විද්‍යා අංශය තුලින් ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා පක්ෂි විද්‍යාව පිලිබඳ ක්ෂේස්ත්‍ර පර්යේෂණ ආයතනය [Field Ornithology Group of Sri Lanka] මෙම ජාත්‍යන්තර ආයතනයේ ශ්‍රී ලාංකික හවුල්කරුවා වේ.

මීට අමතරව මහාචාර්ය සරත් කොටගම මහතා විසින් සම්පාදනය කරන ලද, "ශ්‍රී ලංකාවේ කුරුල්ලෝ - අත් පොත" ඉමහත් රුකුළක් විය. කුරුල්ලන් නිරීක්ශණය [bird watching] විනෝදාංශයක් ලෙස ගැනීමට කැමත්තක් ඔබට ඇත්නම්, මෙම පොත ඔබ පරිශීලණය කල යුතුය. එම පොත් කොළඹ විශ්වවිද්‍යාලයේ Field Ornithology Group of Sri Lanka කාර්යාලයෙන් ලබාගත හැකිය. එමෙන්ම ලංකා කුරුළු සංගමයේ වෙබ් අඩවියෙන්ද Arkive.org වෙබ් අඩවියෙන්ද ඉතා වැදගත් තොරතුරු හා ඡායාරූප උකහා ගෙන ඇත. මීට අමතරව තවත් වෙබ් අඩවි ගණනාවකින් ඡායාරූප "hot link" ආකාරයට මෙහි ඇතුලත් කොට ඇත. එම ඡායාරූපවල ප්‍රතිරූපණ අයිතිය (copy right) ඒවායේ අයිතිකරුවන් සතුය.

ශ්‍රී ලංකාවේ කුරුළු සම්පත

ශ්‍රී ලංකාව තුල කුරුළු වර්ග 375ක් පමණ දක්නට හැකිය. මින් වර්ග 23ක් ශ්‍රී ලංකාවට ආවේණික ලෙස සැළකේ. කුරුළු වර්ග 208ක් සංචාරක කුරුල්ලන් ලෙස හඳුනාගෙන ඇත. මෙරට දක්නට ලැබෙන කුරුල්ලන්ගෙන් 128ක් ජලාශ්‍රිත කුරුල්ලන් වන අතර ඉන් 34ක් මුහුදුබඩ වසන මුහුදු කුරුල්ලන් වේ. ගොඩබිම වසන කුරුල්ලන් 232ක් හඳුනාගෙන ඇත.

ලංකාව තුල දකින්නට ලැබෙන කුරුල්ලන්ගෙන් වර්ග තුනක් ජාත්‍යන්තර සංරක්ශණ ආයතනය ප්‍රකාශයට පත්කරන වඳවීයාමේ තර්ජනය ඇති රතු ලයිස්තුවට [Red List - International Union for Conservation of Nature - IUCN] අනුව දැඩිලෙස තර්ජනයට [Critically Endangered] ලක්ව ඇති කුරුල්ලන්ය. කෙසේ වෙතත් මේ කුරුල්ලන් තිදෙනා ආවේණික කුරුල්ලන් නොව, සංචාරක කුරුල්ලන්වේ.

අපට ආවීණික පක්ෂි වර්ග තුනෙන්, වර්ග දෙකක් තර්ජනයට ලක්ව ඇතැයි [Endangered] ලයිස්තුගත කොට ඇති අතර තවත් කුරුළු වර්ග දහයක් අණතුරු සීමාවේ [Vulnerable] සිටින සතුන්වේ. එමෙන්ම තවත් වර්ග 22ක් වඳවීමේ තර්ජනයට බඳුන්වීමේ හැකියාව [Near Threatened] ඇති පක්ෂීන්වේ. කෙසේ වෙතත් දැඩි තර්ජනයට බඳුන්ව රතු ලයිස්තුවේ ඉහලින්ම සිටින පක්ෂීන් තිදෙනාම ශ්‍රී ළංකාවට ආවේණික පක්ෂීන් නොව, මෙහි පැමිණෙන සංක්‍රමණික කුරුළුවර්ග වේ.  මූලාශ්‍රය

ශ්‍රී ලංකාවට ආවේණික කුරුල්ලෝ - සපිරි සටහන

මෙම සටහන සකස්කොට ඇත්තේ අපට ආවේණික කුරුල්ලන්ගේ දුර්ලභත්වය අනුව අවරෝහණ පිලිවලටය. ඉතාම දුර්ලභ, රතු ලැයිස්තුවේ Endangered (EN) ලෙස දැක්වෙන කුරුල්ලන් පලමුවෙන්ද, රතු ලැයිස්තුවේ ලෙස Vulnerable (VU) දැක්වෙන කුරුල්ලන් දෙවනුවද, Near Threatened (NT) ලෙස හඳුනාගෙන ඇති කුරුල්ලන් තෙවනුවද, වඳවීමේ තර්ජනයක් දැනට නොමැති සුලභ Least Concern (LC) කුරුල්ලන් සිවුවැනිවද දක්වා ඇත.

(1) ශ්‍රී ලංකා අරංගයා - Sri Lanka Whistling Thrush  
Myophonus blighi







IUCN රතු ලැයිස්තුවට අනුව වඳවීයාමේ තර්ජනයට මුහුණදී ඇති පක්ෂියෙකි.  රතු ලැයිස්තු වර්ගීකරණය : Endangered (EN)

පිරිමි කුරුල්ලා කළු-තද දුඹුරු පිහාටුවලින් යුක්තවන අතර දිලෙන නිල් පැහැයෙන් යුතු පැල්ලම් වලින් යුතුය. කිරිල්ලිය දුඹුරුවන්ය. බොහෝවිට බිම වාසය කරන මෙම පක්ෂියා කුලෑටි හැසිරීමකින් යුතුය. මුහුදු මට්ටමේ සිට මීටර් 900කට වඩා ඉහලින් ඇති මධ්‍යම කඳුකරයේ ඝණ කැළෑවල වාසය කරයි. දිය පහරවල් හා දියඇලි ආශ්‍රිතව විසීමට කැමැත්තක් දක්වයි.

ජනවාරි සිට මැයි දක්වා බිත්තර රැක පැටවුන් බිහිකරයි. හෝර්ටන් තැන්න, නුවර එලිය, මස්කෙළිය, බොගවන්තලාව වැනි ප්‍රදේශවලදී දැකගත හැකිය. දැනට මෙම පක්ෂීන් 1000කට මදක් වැඩි ප්‍රමාණයක් පමණ සිටිතැයි ඇස්තමේන්තු කොට තිබේ.

මධ්‍යම කඳුකරයේ වනවිනාශය, ස්වාභාවික කැලෑ, දැව ලබාගැනීම සඳහා වනවන වාණිජ කැලෑ බවට පරිවර්තනය කිරීම, අධික කෘමිනාශක භාවිතය නිසා මොවුන් සැරිසරන ජල මූලාශ අපවිත්‍රවීම, මැණික් ගැරීම සඳහා සිදුකරන වන විනාශය වැනි කරුනු නිසා මෙම පක්ෂියා අප අතරින් තුරන්වීමේ තර්ජනයට මුහුණපා ඇත.

ශ්‍රී ලංකා අරංගයා දැකිය හැකි ප්‍රදේශය
 Source : birdlife.org 

ශ්‍රී ලංකා අරංගයා - පිරිමි කුරුල්ලා



ශ්‍රී ලංකා අරංගයා - පැටවුන් සහිත කැදැල්ල


                                              බිගුන් වනසන ඇකේශියා ශාක



ආක්‍රමණ
ශීලී ශාක ගැන ඔබ දැනුවත්ද?????

ඇකේශියා ශාකය නිසා මී මැස්සන්ට වෙන හානිය ගැන ඔබ දැනුවත්ද ඇකේශියා මලක වහන මී මැස්සකු විනාඩි 4ක පමන කාලයකින් ඔලුව පුපුරා ගොස් මිය යනවා ඔබ මා කියන නිසා මෙය පිලිගන්න එපා හොදින් මල් පිපුනු ඇකේශියා ගහක් යටට උදේ 10යත් එකොලහත් අතර කාලය තුල බලන්න මටත් ඒ අත්දැකීම ලැබිල තියෙනවා.මම ජීවත් වෙන්නෙ බන්ඩාරගම,ගල්තුඩේ ප්‍රදේශයේ ඉතින් ඊට ගොඩක් ලගින් තමා දැල්කඩ කියන ග්‍රාමය පිහිටලා තියෙන්නේ දැල්කඩ කියන්නේ ඇකේශියා ශාකය අරක්ගෙන තිබෙන ප්‍රදේශයක්, මම එක්දිනක් ඇකේශියා ශාකයක් යටට ගොඩ උනා. ගහ යට මිය ගිය මී මැස්සන් ප්රමාණය හා පන අදින මී මැස්සන් ප්රමාණය දැක මට අදහාගත් නොහැකිවුනා.ගනන් කල නොහැකි තරම් විශාල මීමැස්සන් ප්‍රමානයක් ගහ යටම මියගිහින්.

ඇකේශියා ගහ ලංකාවට ආවේණික ගහක් නෙමෙයි කොටින්ම කිවුවොත් සුද්ද බෝකරපු ගහක්,
සුද්ද මේ ගහ ලංකාවේ බෝකරන්න ප්රධාන හේතු කිහිපයක් තියෙනව සුද්දට ඕන උනා උන්ගෙ රටේ හැදෙන පලතුරු ටික,තෙල්,බෙහෙත් පොහොර ටික ලංකාවට එවන්න ඉතින් සුද්දො මොකද කලේඅපිට, කාලා විසිකරන අඹ ඇටේ පවා පැලවෙලා දැවැන්ත ගහක් වෙලා ගහ පිරෙන්න ගෙඩි හැදුනා අඹ විතරක් නෙමෙයි ඕනම ගහක් එහෙමයි.
ගහ හොදට හැදුන පලියට ගෙඩි හැදෙන්නෙ නෑ ගහක ගෙඩි හොදට හැදෙන්නනම් ගහේ මල් හොදට පරාගනය වෙන්න ඔනී ගස්වල මල් විශාල ලෙස පරාගනය වුනේ මී මැසි,බඹරු ,දෙඹරු වැනි සත්තුන්ගෙන් ඉතින් සුද්දට ඔනී උනා පරාගනය නවත්තන්න ගෙනාව ඇකේශියා පැල ලංකාවේ මිනිස්සුන්ට හදුන්වලා දුන්න ඉතා හොද වටින ගහක් හැටියට ඉතින් මිනිස්සු ගෙනිහින් ගෙවල් වතුපිටිවල හිටෙවවා.
ඒ ඇකේශියා ලොකු වෙලා කහපට ලස්සන මල් පිපුනා බැලුවම හරිම ලස්සනයි බැලූ බැල්මට මල් ගහක් වගේ මිනිස්සුන්ට හරි සතුටුයි.ඉතින් මිනිස්සු රැවටුනු ඇකේශියා ගහේ මලට මීමැස්සො ,බබරු සත්තුත් ආවා රොන් ගන්න ආපු හැම සතාම මැරිල බිමට වැටුන මීමැස්සො බබරු අඩුවෙන්න පටන් ගත්ත
මල්වල පරාගනය අඩු උනා පරාගනය අඩු නිසා පලදාවත් අඩු උනා මිනිස්සු හිතුව පලදාව අඩු වෙන්නෙ පොහොර නැති නිසා කියල ඉල්ලුවා රජයෙන් පොහොර ලංකාවේ පොහොර නැතිනිසා ගෙන්නුවා රටින් පොහොර, පොහොර එක්කම උන් එව්වා එක එක කෘමී සත්තු උන්ගේ බිත්තරත් එක්කම ඊටපස්සේ ලංකාවේ කෘමීසත්තු වැඩි වුනා සේනා වගේ අයත් එහෙමයි කෘමීන් වැඩි නිසා ඉල්ලුව රජයෙන් තෙල් ගෙනාව රටින් තෙල් මිනිස්සු හිතුවා ඔක්කොම ප්රශ්න ඉවරයි කියල ඒ ප්රශ්නය එහෙම්මමයි මේ ඔක්කොම ලණුව කාපු මිනිස්සු හැමදේමරටින් එනකල් බලන් ඉන්නවා ඔන්න ඕකයි ලංකාවට උනේ.
මෙය දුටු තැන විනාශ කරන්න.
තවද මෙහි මල්වල රේනු ඇගේ තැවරීම නිසා නිසා පරාගනයට උදව්කරන මී මැස්සා, බඹරා, දෙබරා සහ තවත් බොහෝ කෘමීන් පියාබෑමීමට නොහැකි මිය යන බව හදුනාගෙන ඇත.
මෙම ඇකේශියා ශාකය දුටු තැන කපා දමන්න, මුල් උදුරා දමන්න. මෙහි මල් වල පවතින කහපාට කුඩු ස්වසන මාර්ගයේ සන්කූලතා (ඇදුම ) රෝගීන්ට මාරාන්තික වන අතර නීරෝගී අයට ස්වසන රෝග සාදයි.පාසැල් ආශ්රිතව සහ අධිවේගී මාර්ග ආශ්රිතව බහුලව දැක ගත හැකි අතර මෙය ජාත්යන්තර ජෛව කුමන්ත්රනයක් බව ඇතැම් විද්වතුන් ගේ මතයයි.
මෙම ගස් බෘනායි රටේ හැදුවේ වගුරු බිම් ආශ්රිතවයි . එයට හේතුව මේ ගස් පොලවේ ඇති දිය සීරාව සම්පුර්ණයෙන් උරාගෙන පොලව වියලි කිරීමයි .ඉන්පසු එහි ගොඩනැගිලි ඉදි කිරීමට හැකිවෙන නිසයි .ඉතින් අපේ රටේ මෝඩ මිනිස්සු ඒ ගස් අපේ රටේ හිටෙව්වා .විචාර බුද්ධිය නැතිකම ! අපේ රටට සුදුසු වන්නේ ආවේනික ගස් වර්ග නොවේද?
තවද භූගත ජලය විනාශ කරදමන මෙම ශාකය ඉතා ඉක්මනින් විනාශ කරදමන්න.
ඇකේෂියා ගස් මරන්න ලේසිම ක්රමය.අඩියක් විතර පළලට පොත්ත ඉවත් කරන්න .
මේ පෝස්ට් එක පුළුවන් තරම් ශෙයා කරන්න.කොපි කරලා ගත්තත් කිසි ප්රශ්නයක් නැ .

Page එකටත් Follow කරල අනිත් අයටත් බලන්න Share කරන්න

May be an image of tree

                                    ශ්‍රී ලංකාවට ආවේනික ශාක විශේශ



1.නිල් බිනර ශාකය

ශ්‍රී ලංකාවට ආවේනික ,දුර්ලභ මල් විශේෂයක් වූ බිනර ශාකය වඳ වීමේ තර්ජනයකට ලක්ව ඇති බව පරිසරවේදීන් පවසනවා. මානව ක්‍රියාකාරකම් හමුවේ නිල් බිනර විශේෂය විනාශ වීමේ තත්ත්වයකට ලක්ව ඇති බව සඳහන් වන අතර මේ පිළිබඳ අවස්ථා ගණනාවකදීම බලධාරීන් දැනුවත් කළ ද ඊට නිසි විසඳුමක් ලැබී නැත. පාරිසරික වශයෙන් ලංකාවට ආවේනික මෙවැනි ශාක ආරක්ෂා කර ගැනීම රජයේ වගකීමක් බවයි පරිසරවේදී ප්‍රදීප් සමරවික්‍රම මහතා පෙන්වා දෙන්නේ.
නිල් බිනර
විද්‍යාත්මක නාමය:Exacuml trinervium

ශ්‍රී ලංකාවට ආවේනික බිනර විශේෂ 7ක් හඳුනාගෙන ඇති අතර නාඋල බොබැල්ල ප්‍රදේශයෙන් හමු වූ නිල් බිනර ශාකය ඒ අතරින් වඩාත් අවදානමකට ලක්ව ඇති විශේෂය වනවා. ජාන වෙනස් කරමින් බිනර විශේෂ ගණනාවක් නව ප්‍රභේද ලෙස ජපානය නිර්මාණය කර තිබුණ ද නකල්ස් මෙන්ම ශ්‍රීපාද රක්ෂිතයේ පමණක් දක්නට ලැබෙන සුදු බිනර විශේෂයද මීට සමගාමීව තර්ජනයට ලක්ව ඇති බව ප්‍රදීප් සමරවික්‍රම මහතා පෙන්වා දුන්නා.

නිල් බිනර ශාකය Saffron ශාකයට බොහෝදුරට සමාන වූ ශාකයකි .

නිල බිනර මලේ පුෂ්ප මන්ජලිය කහ පාහ වන අතර Saffron මලේ මැද රත් පැහැති පුෂ්ප මන්ජලිය වෙයි .

No photo description available.







Monday, 27 September 2021

                                 ශ්‍රී ලංකාවට ආවේනික සත්ත්ව විශේශ



1.තෙත් කලාපීය හබන් කුකුලා



පහත රට තෙත් කලාපීය ‍වනාන්තර වල හා කඳූකරයේ මීටර් 1800 දක්වා ඉහළටත් වියළි කලාපීය වනාන්තර වලත් වාසය කරයි. අතිශය වනවාසී,තුළෑටි,භූමිවාසී පක්‍ෂියෙකි. විවිධ බීජ වර්ග, බිම වැටුණු පළතුරු, වේයන් සහ වෙනත් කෘමීන් ආහාරයට ගනී. ආහාර සොයමින් ප්‍රබල ලෙස වනයේ බිම පහුරුගායි. හබන් කුකුළා ප්‍රමාණයෙන් අඩක් වැඩුණු ගම් කුකුළෙකු තරම්ය. නොවැම්බර්-මාර්තු සහ ජුලි-සැප්තැම්බර් කාලවලදී අභිජනනය කරන හබන් කුකුළාගේ කැදැල්ල ගලක් හෝ පඳුරක් යට බිම සූරා සාදා ගනු ලබන මඳ අවපතනයකි. මෙය තුළ සාමාන්‍යයෙන් බිත්ත්ර දෙකක් හෝ තුනක් දමයි.




1.වතරතු මල්කොහා


පහතරට කඳුකරයේත් වනාන්තරවලත් වාසය කරන දුලභ පක්‍ෂියෙක් වන 
වත රතු මල් කොහා වර්තමානයේ ශ්‍රී ලංකාවට පමණක් ආවේනික පක්‍ෂියෙක් ලෙස සැලකේ. මෙම පක්‍ෂියා දකුණු ඉංදියාවේ වාර්ථාවී ඇති නමුත් දැන් එහි නෂ්ටව ගොස් ඇත. දිගින් සාමාන්‍ය ඇටි කුකුළෙකු තරම් වේ. නමුත් ශරීරය වඩා සිහින්ය. පෙඳය වඩා දිගුය. මොහුගේ රතු පැහැති මුහුණ මත සියුම් කෙඳි වැනි පිහාටු දක්නට ලැබේ. හොටය ලා කොළ පැහැතිය. උදරය සුදු පැහැවන අතර ලය කළු පැහැතිය. තනිව,ජෝඩු වශයෙන් හෝ කුඩා රංචු වශයෙන් වාසය කරන මල් කොහා තුරු වියනෙහි වෙසෙන ක්‍රියාශීලී පක්‍ෂියෙකි. එහෙත් පියාපත් කෙටි හා රවුම් ඒවා වන නිසා මොහු දුර්වල පියාසරකරුවෙකි. සාමාන්‍යයෙන් නිහඬ පක්‍ෂියෙකි. කැලෑ ගස්වල හටගන්නා කුඩා ඵල වර්ග මොහුගේ ආහාරය වේ. වසරේ මුල් භාගයේ අභිජනනය කරන වත රතු මල් කොහාගේ කැදැල්ල වනාන්තරයේ උස් පඳුරක තනා ඇති නොගැඔුරු පීරිස් හැඩ එකකි. තණ කොළ මුල් සහ අතු කැබලි වලින් මෙය තනනු ලැබේ.



2.දඩු ලේනා 

දඩුලේනා ශ්‍රී ලංකාවේ ජාතික සත්ත්වයා වේ. සාමාන්‍යයෙන් වැඩුණු දඩුලේනකුගේ ශරීර ප්‍රමාණය සෙ.සෙ.මි.25-ත් 45ත් අතර වෙයි .ගැහැනු හා පිරිමි සතුන් අතර ගැහැනු සතුන් පිරිමි සතුන්ට වඩා තරමක් ප්‍රමාණයයෙන් විශාල ය. ඉංග්‍රීසි බසින් Sri Lanka giant Squirrel හදුන්වනු ලබනු අතර දමිළ බසින් பெரிய அனில் නමින්. හදුන්වනු ලබයි.ඝන ලෝම තට්ටුවකින් වැසුණු සම සීත කාලයේදී ඔහුට කාලගුණයට ඔරොත්තු දීමට උදවු වෙයි.ගස් නැගීමට සහ ගසින් ගසට පැනීමට ශූරයෙකු වූ දඩුලේනාට මේ සදහා උදවු වන ප්‍රධානතම දෙය වන්නේ උගේ දිගු ,ශක්තිමත් වලිගයයි

වනාන්තර වල,තෙත් කලාපීය ප්‍රදේශවල ,වයඹ පළාතේ මොවුන් වැඩි වශයෙන් ජීවත් වෙයි. මීට අමතරව දකුණු ඉන්දියාවේ ද සුළු වශයෙන් දක්නට ලැබෙයි .

මෙම සත්ත්වයා දැනට වද වී යාමේ තර්ජනයට ලක්ව ඇත.හිතක් පපුවක් නැති දඩයක්කරුවන්ගේ හා දරුණු විලෝපිකයන්ගේ ගොදුරු බවට ද මේ අහිංසක සත්ත්වයා ගොදුරු වෙමින් ඇත.එමෙන්ම මෙම සත්ත්වයා පොල් වගාවට ද තර්ජනයක් වී ඇත.එනමුත්. ඉතා අහිංසක මේ සත්ත්වයා සුරැකීමට ක්‍රියා කිරීම අපි සැමගේම මහගු යුතුකමක් වේ .අපි ඒ සදහා හදවතින්ම එකතුවෙමු.🤝

2021.09.28 වන දින රනුල සස්මිත ගුණසේකර විසින් තැබූ සටහනක්

                                     ශ්‍රී ලංකාවට ආක්‍රමනික ජීවීන්( ශාක)

        


ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වයට හානි කරන ආගන්තුක ආක්‍රමණශීලී සත්ව හා ශාක විශේෂ ගණනාවක් හඳුනාගත හැකිවනවා. මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය ප්‍රකාශයට පත්කරන ලද වාර්තාවක, ලංකාව තුල, ආක්‍රමණශීලී ලෙස ව්‍යාප්තවන ආගන්තුක ශාක වර්ග 20ක් හා සත්ව වර්ග 7ක් පිලිබඳ තොරතුරු විස්තර කොට තිබෙනවා.

SciencePedia අඩවියේ අප සැමවිටම ලංකාවේ ස්වභාව සෞන්දර්යය රැකගැනීමටත්, ජෛව විවිධත්වය ආරක්ශා කරගැනීමටත් කැපවෙන අතර මේ ලිපියෙන් ශ්‍රි ලංකාවේ ජෛව විවිධත්වයට හානි කරන ආගන්තුක ආක්‍රමණශීලී සත්ව හා ශාක විශේෂ සියල්ලම ඔබට හඳුන්වා දෙන්නට උත්සහ කරන්නේ මෙවැනි ශාක හා සතුන් දුටුවිට ඒවා හඳුනාගෙන ඉවත් කිරීමට හෝ පරිසර අමාත්‍යාංශයේ බළධාරීන් දැනුවත් කිරීමට ඔබට හැකියාව ලැබෙන නිසයි.





1] අග මුල නැති වැල් - Golden Dodder/Field Dodder (Cuscuta campestris)








Golden Dodder/Field Dodder ලෙස ඉංග්‍රීසියෙන්ද, අග මුල නැති වැල් ලෙස සිංහලෙන්ද හඳුන්වන මෙම ශාකයේ විද්‍යාත්මක නාමය Cuscuta campestris යන්නයි. උතුරු ඇමරිකාවේ නිවර්තන ප්‍රදේශ නිජභූමිය කරගත් මෙය පත්‍ර නොමැති, විශාල ලෙස පැතිරෙන පරපෝෂිත ශාකයක් වනවා. වියළිකළාපයේ පහත්බිම් වල විශාල ලෙස පැතිර තිබෙන මෙම පැළෑටිය ආක්‍රමණික ආගන්තුක ශාකයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. මෙම පැලෑටියේ ඇට චීනයෙන් සහල් ආනයනය කරද්දී ලංකාවට පැමිනෙන්නට ඇතැයි මතයක් පලවනවා.

අවුල්වී පැටලුණු ලා කහ පැහැති නූල් ගොන්නක් මෙන් ශාක මත විසිරී පවතින මෙය පූර්ණ පරපෝෂී ශාකයකි.  මුල වෙනත් ශාකයක ළපටි කඳට සවිවීම මගින් ශාකය පෝෂණය ලබයි. යම් හෙයකින් ධාරක ශාකය මියගිය හොත් බොහෝ විට අගමුල නැති වැලද මියයෑම සිදුවේ.




] හවරි නුග - Hard alstonia/ Milk wood (Alstonia macrophylla)

හවරි නුග
අගනිදිග ආසියාවේ ඉන්දූනීසියාව, මැලේසියාව, වියට්නාමය හා තායිලන්තය නිජබිම කරගත් හවරි නුග ආයූර්වේද ඖෂධ ශාකයක් ලෙසද භාවිතා වනවා. සමහර ප්‍රදේශවල ගිණිකූරු යන නමින්ද මෙම හවරි නුග ශාකය හදුන්වනවා. විශාල පත්‍ර සහිත, උකු කිරි ගසක් වන මෙය මීටර් 30ක් පමණ උසට වැඩෙන, ශක්තිමත් කඳකින් යුතු අතර  ඉතා ඉක්මණින් වැඩෙන නිසාත්, කඳ දැව සඳහා භාවිතා කල හැකි නිසාත් කලක් කැලෑ වැවීම සඳහා ලංකාවේ වගාකලද දැන් තෙත්කලාපයේ ආක්‍රමණික ශාකයක් ලෙස වර්ග කොට තිබෙනවා.



3] ඉපිල් ඉපිල්/Ipil Ipil/ Wild Tamarind/Coffee bush (Leucaena leucocephala)



දකුණු මෙක්සිකෝවේ හා මධ්‍යම ඇමරිකාව නිජබිම කරගත් ඉපිල් ඉපිල් ශාකය ඉතා වෙගයෙන් වැඩෙන නිසා කලක් ලංකාවේ දර ලබාගැනීමට, සෙවන ලබාගැනීමට මෙන්ම වනවගාව සඳහා මෙන්ම කොම්පෝස්ට් සඳහා ජෛව ද්‍රව්‍ය ලබාගැනීම සඳහාද රජය මගින් ප්‍රචලිත කලා. එහෙත් මෙම ශාකය දැන් ආක්‍රමණශීලී ශාකයක් ලෙස හඳුනාගෙන තිබෙනව. විශාල වශයෙන් ඇතිවන කුඩා ඇට  අවට පරිසරය පුරා පැතිරෙමින් විශාල ප්‍රදේශයක වේගයෙන් පැතිරීමේ හැකියාව තිබෙනවා. මේ නිසාම International Union for the Conservation of Nature (ICUN) ආයතනය වැඩිම වේගයකින් පැතිරෙන ආක්‍රමණශීලී ශාක 100 අතරට ඉපිල් ඉපිල් ඇතුලත් කොට තිබෙනවා.



4] කටකළු බෝවිටියා / බූ බෝවිටියා / කාක බෝවිටියා -  Koster's curse (Clidemia hirta)


මධ්‍යම ඇමරිකාව හා දකුණු ඇමෙරිකාව නිජබිම කොටගත් කටකළු බෝවිටියා / බූ බෝවිටියා / කාක බෝවිටියා ශාකය, යම් කලකදී අලංකාරයට සිටුවිය හැකි පැලෑටියක් ලෙස ලංකාවට ගෙන එන්නට ඇතැයි සිතිය හැකි අතර තෙත් කලාපයේ ඉතා වේගයෙන් වැඩෙමින් ආවේණික ශාකවලට වැවීමට ඇති ඉඩකඩ අසුරාදමයි. හිරු එළිය හා පසෙහි සාරවත් බව අනුව අඩි 3 සිට අඩි 16 දක්වා විශාලව වැඩෙන මෙම ශාකය වැඩිවශයෙන්ම ව්‍යාප්තවන්නේ එහි ගෙඩි ආහාරයට ගන්නා කුරුල්ලන් මගිනි. ඝණ පඳුරු ලෙස පැතිරෙන නිසා ආවේනික ශාකවල පැවැත්මට දැඩිලෙස බාධාකරයි. ශ්‍රී ලංකාව, හවායි, ඔස්ට්‍රේලියාව හා ෆීජී දූපත්වල මෙම ශාකය ආක්‍රමණකාරී ශාකයක් ලෙස හඳුනාගෙන ඇති අතර, දැන හෝ නොදැන මෙම පැලෑටියක් හෝ ජනන ද්‍රව්‍ය ඔස්ට්‍රේලියාවට ගෙන එන්නෙකු ඔස්ට්‍රේලියානු ඩොලර් 60,000ක දඩයකට යටත්වනු ඇත.



5] පාතීනියම් වල් පැළෑටිය - Paathenium Weed / Carrot Grass (Parthenium hystrophorous)


‘ඔබ දැන් සිටින්නේ පාතීනියම් වල් පැළෑටිය බහුලව ඇති ප්‍රදේශයකයි. මේ ප්‍රදේශයෙන් පස් වැලි සහ පැලෑටි ගෙනයාමෙන් වළකින්න’ වවුනියාව දිස්ත්‍රික්කයට ඇතුළු වීමෙන් අනතුරුව වවුනියාව නගරය හා ඒ අවට මෙවැනි දැන්වීම් පුවරු දක්නට ලැබෙයි. ඉහත කී දැන්වීම් පුවරු සවිකරනු ලැබුයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසිනි. ඒ ‘පාතීනියම් හිස්ටෙරොෆොරස්ට්’ නමැති ආක්‍රමණික විනාශකාරී වල් පැළෑටියෙන් වන අති විශාල විනාශකාරී බව නොදන්නා ජනතාවට පහසුවෙන් ග්‍රහණය කරවීම උදෙසාය. ශාක ආරක්ෂක පනත යටතේ පාතීනියම් වැවීමට ඉඩ හැරීම ළඟ තබා ගැනීම වරදක් වන අතර එසේ වරදක් වන අයෙකුට මාස 06 කට නොඅඩු සිර දඬුවමක් හෝ රුපියල් දහසකට නොඅඩු දඩ මුදලක් නියම කිරීමට නීතිමය හැකියාව තිබේ.

පාතීනියම් නමැති ආක්‍රමණික ශාකය ඉන්දියානු සාම සාධක හමුදාව ශ්‍රී ලංකාවට පැමිණීමත් සමඟ ලංකාවේ උතුරු නැඟෙනහිර ප්‍රදේශවල පැතිරයාමට පටන් ගත් බව සොයාගෙන තිබේ. එම හමුදා වවුනියාවේ කඳවුරු බැඳගෙන සිටි ස්ථානවල මුලින්ම මේ වල් පැළෑටිය දක්නට ලැබුණු අතර පසුව මේවා වෙනත් ස්ථාන දක්වා පැතිරයාම සිදුවිය. ඇතමුන් පවසන්නේ එම හමුදා මේවායේ කොල ගංජා මෙන් බීමට ගත් බවයි. එහෙත් මෙහි කොතරම් සත්‍යතාවයක් ඇත්දැයි නොදනියි.

සරුවට වැවුණු පාතීනියම් ගසක් අඩි පහක් හයක් උස වන අතර අතු රිකිලි විහිදා ලියලා වැඩෙයි. වියළි පරිසරය තුළ ඉතා හොඳින් වැඩෙන මේ වල් ශාකය සුදු පැහැති අලංකාර වූ මලින් යුක්තය. කැරට් පැළයක පත්‍ර මෙන් මෙහි පත්‍ර පිහිටා තිබේ. මල් මගින් බීජ හටගැනීම සිදුවන අතර එක් ගසකින් බීජ 25,000 ක් 30,000 ක් පමණ මුදා හරින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

පාතීනියම් පත්‍ර තරමක බූව සහිතය. මෙම ශාක කොටස් මිනිස් සිරුරේ ස්පර්ශ වීමෙන් සමේ රෝග (dermatitis) හා ස්වසන රෝග හට ගැනීමේ ඉඩකඩ පවතින බව සොයාගෙන ඇති අතර ගවයන් එළුවන් වැනි සතුන් මේ ශාක කොටස් ආහාරයට ගැනීමෙන් ඔවුන්ගේ කිරි නිෂ්පාදන අඩුවීම හා විවිධ රෝග තත්ව ඇතිවන බව සොයාගෙන ඇතැයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. මෙම පැලෑටියේ අඩංගු "පාතෙනින්" නම් විෂ රාසයණිකයක් මෙම ආබාධ ඇතිකිරීමට මුල්වෙයි.



6] යෝධ නිදිකුම්බා - Giant Mimosa (Mimosa pigra)


ආක්‍රමණකාරී ආගන්තුක ශාක ලේඛනයේ හයවැනි තැන හිමි වන්නේ යෝධ නිදිකුම්බා ශාකයටයි. එය ශාක දහයකින් සමන්විත ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ආක්‍රමණකාරී ආගන්තුක ශාක ලැයිස්‌තුවේද නම සඳහන් දැඩි ආක්‍රමණකාරී ශාකයකි. 1980 දී මෙම ශාකය අප රටට පැමිණි බවට හඳුනාගෙන ඇත.

යෝධ නිදිකුම්බා වල් පැළෑටිය රට අභ්‍යන්තරයේ ජලාශ්‍රිත ප්‍රදේශ, වගුරුබිම් සහ ප්‍රධාන වශයෙන් මඩ (කුඹුරු) ඉඩම් ඉතාමත් ශීඝ්‍රයෙන් ආක්‍රමණය කරමින්  දිගින් දිගටම පැතිර යමින් පවතී. 1997 වකවානුව වන විට කුඩා ප්‍රදේශයක්‌ වසා පැතිර තිබූ මෙම ශාකය අද වන විට මහවැලි ගඟ ඔස්‌සේ බොහෝ දුරට පැතිරී ඇති බව පෙනේනට තිබේ.

මධ්‍යම ඇමරිකානු කලාපය නිජබිම කරගත් මෙම යෝධ නිදිකුම්බා පඳුරු විශේෂය සාමාන්‍යයෙන් වාර්ෂිකව මිලිමීටර් 750-2250 අතර වර්ෂාපතනයෙන්ද, සෙන්ටිග්‍රේඩ් අංශක 20-30 උෂ්ණත්වයෙන්ද යුත් ඝර්ම කලාපීය ප්‍රදේශ තුළ ඉතාම ආක්‍රමණශීලීව පැතිර යමින් ශීඝ්‍ර වර්ධනයක්‌ පෙන්නුම් කරයි. දැනටමත් ඔස්‌ටේ්‍රලියාව, නවසීලන්තය, මෙක්‌සිකෝව, වියට්‌නාමය, ලාඕසය, ඉන්දුනීසියාව, පිලිපීනය, මැලේසියාව, තායිලන්තය සහ අප්‍රිකාවේ ඇතැම් ප්‍රදේශවල තෙත්බිම් ආශ්‍රිතව මෙම ශාකය ශීඝ්‍රයෙන් පැතිර යමින් පවතී. එම රටවල ගොවීන්ට මෙන්ම රජයන්ටද මෙය මහත් හිසරදයක්‌ වී ඇත.

එයට ප්‍රධානතම හේතුව වන්නේ අනෙකුත් වල්පැළෑටි මර්දනය කිරීමට යොදා ගන්නා සාමාන්‍ය ක්‍රම මගින් මෙය මර්දනය කිරීමට නොහැකි වීමයි. කටු සහිත ශාකයක්‌ බැවින් ඒ අතර ගැවසීමටද නොහැකිය. ඒ සමගම අක්‌කර දහස්‌ ගණනාවක්‌ වූ මෙවැනි ව්‍යසනකාරී ශාක සහිත කැළෑ ඉඩම් සඳහා එම රටවල් ගුවන් යානා යොදා වල්නාශක ඉසීමද අසාර්ථක වී ඇත. ඒ නිදිකුම්බා කුලයේ ශාකයක්‌ බැවින් වල්නාශක ඉසින විට මෙය පත්‍ර හකුළුවා ගන්නා නිසාය. එබැවින් තායිලන්තය, පිලිපීනය වැනි රටවල් මෙම ශාකය මර්දනය කිරීම අතහැර දමා ඇති බවද වාර්තා වේ. කුඹුරු ඉඩම් වසා පැතිරීම, කටු සහිත මෙම ශාකයේ පීඩාව මෙන්ම අස්‌වනු පාලු කිරීම මෙහි අනිසි බලපෑම් අතර ප්‍රධාන වේ. 




                                        පණු කරද(කෲඩියා සෙලනිකා) ශාකයේ නම කෘෘඩියා සෙලනිකා Crudia Zeylanica නොහොත් පණු කරද විද්‍යාත්මක නාමය කෘ...